Saturday, 24 August 2013

Face Book භූමිකාව: ගතයුතු යමක් තිබේද?

www.facebook.com මෙය නූතන පරිඝනක සමාජයේ නොදන්නා කෙනෙකු සොයා ගැනීම, නොමල ගෙයකින් අබ ඇට සොයන්නාක් බඳුය. කාර්්‍යාලයීය පරිසරයේ පහලම ස්තරය නියොජනය කරන ලිපිකරු වේවා, ආයතන ප්‍රධානි කලමණාකාර අධ්්‍යක්ෂකතුමා වේවා, කිසිදු තරාතිරමක්, වයස් භේදයක් නොමැතිව පරිශීලනය කරනුලබන වෙබ් අඩවියකි facebook.
 
සැබැවින්ම facebook වෙබ් අඩවියෙන් සිදුකෙරෙනුයේ කුමක්ද?
 
අල්ලාප සල්ලාපයේ යෙදීම ලොව ඕනෑම ජාතිකයෙකුගේ නිතැතින් හිමිවන ලක්ශනයකි. මේ සඳහා ජාතියක්, ආගමක්, රටක් බලපෑමක් නොමැත. කලින් කලට මුහුන දෙන අවස්ථා හමුවේ ජීවන අවශ්‍යතාවයන් වෙනස් වන බැවින්, අප සමීපතමයන් ඔවුන්ගේ අරමුනු වෙත ගමන් කිරීම සම්භන්ධතා දුරස් කිරීමට හේතුවෙයි. නමුත් එනයින් සම්බන්තා බිඳවැටීමක් සිදු නොවේ.
 
මේ සඳහා නුතන තාක්ශණයෙන් ලබෙන පිටිවහල ඉමහත්ය. ඒ සඳහා තැපැල් මාර්ගය, දුරකථන, ෆැක්ස්, ඊමේල්, වැනි පහසුකම් අඩු වැඩියෙන් තිබුනත්, facebook මෙතරම් ජනප්‍රිය වීමට හා ඒ සඳහා ඇබ්බැහි වීමට හේතුව කුමක්ද? 
 
facebook නිර්මාතෘ Mark Zuckerberg මේ සඳහා මුලික අඩිතලම දමනුයේ ඔහුගේ විශ්ව විද්ය්‍යාල උපාධි ව්‍යාපෘතිය අරමුණු කරගෙනය. තම මිතුරන් කිහිප දෙනා මේ සඳා ‍තෝරාගත් ඔහු, ඔවුන්ගේ අදහස්, ජායාරූප, වැනි දෑ හුවමාරු කර ගැනීම සඳහා මෙම වෙබ් පි‍ටුව නිර්මාණය කලේය. එය ඉතා මුලික ස්වරූපයක් ගත් අන්තර්ජාල නොවන, ඔවුන්ගේ පරිගනක කිහිපය හරහා ඉදිකල සම්බන්තාවයක් පමනක් විය (Local Area Network).
 
Mark Zuckerberg
මුලදී ඔහුගේ යහළුවන්හට මෙය විකාර ස්වරූපී ‍තෝරාගැනීමක් විය. ඔවුන් මෙමෙ අවස්ථාව යොදාගත්තේ සැබැවින්ම ඔහුට විහිලු තහලු කිරීමට සහ මඩ ගැසීම සඳහා පමනි. මෙය දු‍ටු එම විශ්ව විද්්‍යාලයේ අනෙකුත් ශිෂ්‍යයන්ගේත් බලවත් ඉල්ලීම පරිදි, සම්බන්ධතාවය සියලු විශ්ව විද්යාල ප්‍රජාවටම ලබා දීමට සිදුවිය.
 
අවසානයේ, අඞ්‍යන වේවා, අනඞ්‍යන වේවා, ශිෂ්්‍ය වේවා, එම සම්බන්ධතාවට ඇතුල් නොවුනු කිසිවෙක් සොයාගත නොහැකි විය. මෙසේ ගොඩනැගුණු faceebook ජාල ව්‍යාපෘතිය, අන්තර්ජාලය හරහා මුලු ලොවම එකට කැටිකොට ඇත. නමුත් අප සියලුදෙනා සිදුකරනුයේ මුල් අවදියේ Mark Zuckerberg ගේ මිතුරන් කල පරිදි ඕපාදූප භාවිතයක් පමණද? facebook මෙතරම් ජනප්‍රිය වීමට හේතුව කුමක්ද?  
 
ඉහතින් සඳහන් කල පරිදි අප සමීපතමයන්ගේ තොරතුරු හුවමාරු කරගැනීමට අවශ්‍ය වේදිකාව තනා දෙනුයේ fb ය (facebook සඳහා යෙදෙන ජනප්‍රියතම කෙටි යෙදුම). හුදෙක් fb එම පහසුකම සපයනුයේ අපගේ අදහස් යතුරු පුවරුව මගින් ලිවීම, පිටතින් යොදන ඈඳුමක් හෝ වෙනත් කෙනෙකුගේ තොරතුරක් අපගේ සමීපතමයකුට හරවා යැවීම වැනි දෙයකි..
 
අප මෙම අවස්ථාව නිසි පරිදි අපගේ දියුණුවට යොදාගන්නේද? මෙය fb භාවිතා කරනු ලබන පුද්ගලයා මත පදනම් වන ක්‍රියාවලියකි. යමෙකුට කාලය කාදැමීම අවැසිනම්,  ඒ  සඳහා කිසිදු අයාසයකින් තොරව fb තුල සැරිසැරිය හැක. අවසානයේදී සිදුව ඇත්තේ විවිධ පුද්ගලයන් විසින් එකතු කරන ලද සටහන්, ජායරූප වැනිදෑ බලමින් සයිබර් අවකාශයේ මංමුලා වීමක් පමනි.

නමුත් එම ගතකල කාලයම ප්‍රයෝජනවත් ලෙස ඉදිරියට ගෙනයනේ කෙසේද? මෙය සරල නිදුසනක් තුලින් අවබෝධ කර ගනිමු.

fb අම්බලම යනු විවිධාකාර ජායරූප ගනණාවකින් හා ඒ සඳහා යොදන ලද අර්ථ නිරූපන එකතුවකින් සැදුම්ලත් මඩිස්සලයක් වැනිය. නමුත් එම ජායරූප සඳහා යොදන ලද  ද්වි වදෑරුම් අර්ථ නිරූපන (මේවා බොහෝ දුරට යොදනුයේ දෙවන පර්ශවිකයන් විසිනි) ඉතා සිත්ගන්නාසුලු නව නිර්මාණ වේ.

අප fb සඳහා මිඩංගු කරන කාලය මෙවැනි ගනයේ නව නිර්මණාත්මක කලාවක් වෙනුවෙන් යෙදවිය හැකිනම්, සැබැවින්ම fb තුලින් ගතයුතු බොහෝ ප්‍රයෝජණ ඇත. නැතිනම් Mark Zuckerberg ට උසුළු, විසුළු කල මිතුරණ් හා අප අතර කිසිදු වෙනසක් නැත.

අද දින Mark Zuckerberg යනු ලොව අංක එකේ ධන කුවේරයන්ගෙන් කෙනෙකි. නමුත් ඔහුගේ මිතුරන් ඔහු යටතේම වැ‍ටුපට සේවය කරන සේවකයන් වීමට පිලිවෙන. මෙයින් අප තේරුම් ගත යුත්තේ කුමක්ද?

ඔබගේ පිලිතුර මත, fb තුලින් ගතයුතු යමක් තිබේද යන්න ඔබට තීරණය කල හැක.

(තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන්)




 

No comments:

Post a Comment