Thursday, 22 August 2013

අන්තර්ජාලය ඉගෙනීමටද? සැරිසැරීමටද? : Learn from Internet than browsing.

වසර 1997 අගෝස්තු, මාගේ අ.පො.ස උසස් පෙල විභාගය.
 
පුරා අවුරුදු ගනණාවක් පාසැල් විෂය ධාරවට පමනක් කො‍ටුවී සිටි මම, වසර 1997 අගෝස්තු මාසයෙන් පසු ලෝකයට ප්‍රවිෂ්ඨ වීමි. සිහිනය විශ්ව විද්්‍යාල ප්‍රවේශය වුවත්, ප්‍රතිඵල එනතුරු අගෝස්තු මස සිට දෙසැම්බරය දක්වා කලයුත්තේ කුමක්දැයි සිතාගත නොහැකිව සිටි මම, අනෙකුත් බහුතරයක් නියොජනය කරන සාර්වත්‍ර කුලකයේ එක කොටසක් බවට පත් උනෙමි.
 
Computer Course එකක්? English Course එකක්? සුපුරුදු ලෙස මිතුරන්ගේ ප්‍රවාහය තුලින් පරිඝනක පාඨමාලව වඩා ප්‍රමුක වුයේ ඒ වනවිත ඉංග්‍රිසි යනු වඩාත්ම අකැප විශය බවට පත්වී තිබීම නිසාය. 
 
ආසන්නතම නගරයෙන් කිසිදු ජනප්‍රිය තලයේ නොවුනු පරිඝනක පාඨමාලවකට ඇතුලත් උනු මාගේ, දබරගිල්ලත් අත්ලත් අතරට ප්‍රථම වරට පරිඝනක මවුසයක් හිරවිනි. සියලු දෙය මුල සිට.
වන වැදි මිනිසෙකු ප්‍රථම වරට නගරයට පැමිනියාක් මෙන් අතරමන් වු මනසින් යුතු මම, පි‍ටුපස සිටගෙන සිටිනා ආචාර්්‍යවරයාගේ උපදෙස් නොපිරිහෙලා ඉ‍ටුකලේ වෙන කලයුතු කිසිවක් නොදත් නිසාවෙනි.
 
Windows, Word, Excel, Cut & Paste, CPU, ...... Shutdown ආචාර්්‍යවරයා කිසිදු තොර‍තෝංචියක් නොමතිව මුදා හැරි වචන සමුදායේ කිසිදු තේරුමක් නොතේරුනු මම, කල හැකි හොදම සහ වඩාත්ම ජනප්‍රිය ක්‍රමය වන ලඟ සිටින්නා කොපි කිරීමට පටන් ගතිමි.
 
ප්‍රථම දින පාඨමාලාවේ විශය නිර්දේශය දල වශයෙන් විස්තර කල ඔහු, සම්මත මුලික පාඩම වන පරිගනකයේ උපාංග සහ එහි ඉතිහසය විස්තර කිරීමට පටන් ගත්තේය. එහි අවසන, ප්‍රථම පාඩම MS Word සහ එහි භාවිතයන්. සති අන්තයේ දිනකට පැය කිහිපයක් පමනක් වන "පාඨමලා දින" කිහිපයකට පසු දෙවනුව MS Excel සහ එහි භාවිතයන් ආරම්භ විනි.
 
සුපුරුදු "පාඨමාලා දින" කිහිපයකදී, මා විශ්ව විද්යාලයට තේරී පත වුනු බව සඳන් ලිපිය ලැබීම මාගේ පරිගනක පාඨමාලාවට නැවතීමේ තිත තැබීය.
 
නැවතත් සුපුරුදු ලෙස අලුත් පරිසරයක ගතානුගතික අඩ්‍යාපනයේ සිරවුනු මම නවක වදය, නිදහස් අඞ්‍යාපනය, පිකටිං, කැට, තෙල බෙදීම, අන්තරය, Drawings, Course Works, Exams, අතරහි පුරා අවුරුදු ගනනාවක් ගත කෙරීමි. අහෝ ශ්‍රී ලංකාවේ දියුණුම යයි කියගන්නා විශ්ව විද්යාලයක සිටි මට පරිගනක යනු නැවතත් දුරස් වු මාතෘකාවක් විනි.
 
විශ්ව විද්යාලයෙන් පිටවුනු මට, නැවතත් පරිගනකයක මුන ගැසුනේ වෘතීය ජීවිතියට පිංසිදු වන්නටයි. ණමුත් පටන්ගැනුම නවතත් මුල සිට, කිසිවක් නොදත්තෙකු සේ. එකම වෙනස කියා දීමට පි‍ටුපස ආචා්‍යවරයා නොමැති වුවත්, වෘතීය ගරුත්වය සහ වගකීම හිස මත පැටවී තිබීමයි.
 
Internet හෙවත් අන්තර්ජාලය මා හට ජංජාලයක්ම විය.
 
කිසිදු අවබෝඞයක්, අනු දනුමක්, දිගක් පලලක් නොමැතිව අන්තර්ජාලයලට පිලිපන් මා ලද ලොකුම ජයග්‍රහණය මාගේ නමට හිමි email ගිනුමක් සාදා ගැනීමයි (මේ සඳහා උපකාර කල හිතවතුන් ගෞරවයෙන් සිහිපත් කරමි).
 
ඉන් පසු මාගේ අන්තර්ජාල භාවිතය යනු හුදෙක් email කියවීම, ලිපි යැවීම පමනක් විය. Gmail, Yahoo ජනප්‍රිය වදන් වුනු මගෙ අන්තර්ජාල පියසැරියේ පුරා අවුරුදු 11 ක වෘතීය ජීවිතයේ නැවත හැරී බලනකල අන්තර්ජාලය තුල මා කර ඇත්තේ පුවත් පත් බැලීම, චිත්‍රපට බැලීම, ඔපාදුප ලිපි බැලීම වැනි මූලික ගනයේ විනෝදාස්වදජනක නැඞරුවක් පමනි. එයද විදේශ ගත සේවයට පිං සිදු වෙන්නයි. 
 
මෙය අන්තර්ජාලයේ සැරිසැරීමක් පමනි. අලුතින් ඉගෙන ගත් යමක් නොමත.
 
නමුත් අහඹ්බුලෙස දු‍ටු අන්තර්ජාල වෙබ් පි‍ටුවක (ශ්‍රී ලංකවේ සුන්දරත්වය ගැන සිංහලන් ලියවුනු ලිපි පෙලක්) සටහන් පෙලගැස්ම, ඉදිරිපත් කිරීම, පාඨක රුචිය ඇද බැඳ තබා ගැනීම, මෙකී නොකී කරුනු ගනණාවක් තුලින් ලේඛණ කලවේ සුන්දරත්වය අත් වින්දීමට හැකිවිය (අවාසනාවකට දැන් එම ලිපි පෙලේ වෙබ් ලිපිනියන් මා හට මතක නැත).
 
එය මාර්ගෝපදේශනයක් කර ගත් මා, වෘතීය ලේඛණ කලවේ කිසිදු න්‍යායක්, නීතියක්, රීතියක්, පෙර අත්දැකීමක් නොමැතිව ‍තෝරාගත් මාතෘකාවක් යටතේ කරුනු පෙලගස්වා ලිපියක් පල කිරීම ... මාගේ ජීවිතයේ ප්‍රථම අත්දැකීමයි.
 
පුරා අවුරුදු 11 ක් අන්තර්ජාලයේ හුදු විනෝදස්වදය පිනිස සරිසරූ මම, අද දින අලුතෙන් යමක් ඉගෙනගෙන ගතිමි (කිසිවෙකුගේ උපකාරයක් නොමතිව).
 
මෙම ලිපියෙහි වෘතීය ලේඛණ කලාවට අනුව අනන්තවත් වැරදි තිබියහැකි වුවත්, ඉන් උපරිම සතුටක් ලබනුයේ .... මා පමනි.

1 comment:

  1. appreciated, Even at the past you can do a good work and think to do something valuable for the future..............Thanks

    ReplyDelete